Site icon Newshub

මාලිමාවෙන් නොමිලේ ගෘහභාණ්ඩ!

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පදිංචියට පැමිණෙන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ගෘහ උපකරණ පක්ෂයෙන් ලබාදීමට පියවර ගෙන ඇතැයි ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹින් පිටස්තර ප්‍රදේශවල සිට මන්ත්‍රී සංකීරණයේ නිවාස හිමිකම් ලබන මන්ත්‍රීවරුන්ට එකවර මූල්‍ය පිරිවැයක් දැරීමට නොහැකි නිසා ජාතික ජන බලවේගය මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව විදුලි පංකා, ගෑස් සිලින්ඩර්, උදුන්, පුටු සෙටි, අල්මාරි , ඇඳන් ආදී නිවසට අවශ්‍ය කරන ගෘහ උපකරණ සියල්ල ජාතික ජන බලවේගය විසින් සපයන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර මෙම නිවාස සංකීරණයේ පදිංචියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික මුදලින් මෙම ගෘහ උපකරණ ලබා ගත් අතර ජාතික ජන බලවේගය විසින් මෙවැනි පියවරක් ගැනීම නිසා නවක මන්ත්‍රීවරුන්ට විශාල සහනයක් ලැබෙන බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කළේය.

Exit mobile version