Site icon Newshub

රනිල් – සජිත් එක්ව කඳවුරක් ? පූර්ණ මැදිහත්කරු හිටපු කතානායක!

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අලියා ලකුණින් ඉදිරිපත්වීම සම්බන්ධව එකඟතාවයක් ඇති කර ගැනීමට මේ වන විට දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වී තිබේ.

පක්ෂ දෙකේම නායකයින් දෙදෙනා හැර එම පක්ෂවල සෙසු නායකයින්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා පූර්ණ මැදිහත්කරු ලෙස කටයුතු කරනු ලබයි.

මෙම සාකච්ඡාවල මූලික අරමුණ වී ඇත්තේ ළඟ එන පළාත් පාලන මැතිවරණයට පෙර පක්ෂ දෙක අතර එකඟතාවයක් ඇති කර ගෙන අඛන්ඩව එක්ව ඉදිරියට යන වැඩපිළිවෙළක් සකස් කර ගැනීම බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවර්ණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යන අයගේ අසමගිය නිසා බව පක්ෂ දෙකෙහිම පසු පෙළ නායකයෝ චෝදනා කරති.

මින් ඉදිරියට තවදුරටත් ඒ ආකාරයෙන් කටයුතු නොකර පාක්ෂිකයන්ගේ මෙන්ම රට වෙනුවෙන් නායකයින් දෙපොල පොදු වැඩපිළිවෙළකට එකඟ විය යුතු බව පක්ෂ දෙකෙහිම පසු පෙළ නායකයින්ගේ මතය වී තිබේ.

ජාතික ජන බලවේගය වටා ගොනු වූ සුවිශාල ජන බලවේගය දිනෙන් දින ඔවුන් කෙරෙහි කලකිරීමට පත්වෙමින් සිටින බව පෙන්වා දෙන එම නායකයෝ එලෙස කලකිරෙන ජනතාවට එක් විය හැකි එකම පොදු සාධකය රනිල් සහ සජිත් එක්ව ගොඩනඟන දේශපාලන කඳවුර බව ඔවුහු පෙන්වා දෙති.

රනිල් සහ සජිත් එක්ව පිළිගත හැකි දේශපාලන කඳවුරක් ගොඩනගන්නේ නම් ඒ සඳහා එක්වන බවට මේ වනවිට දේශපාලන පක්ෂ ගණනාවක් සිය කැමැත්ත ප්‍රකාශ කොට තිබේ

Exit mobile version