Site icon Newshub

ඇමෙරිකානු භාණ්ඩාගාරයටත් සයිබර් ප්‍රහාරයක්

ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිවලට චීන හැකර්කරුවන් අනවසරෙන් ඇතුලු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දෙසැම්බර් මාසයේ මෙලෙස ඇතැම් ලියකියවිලි හා සේවා ස්ථාන වෙත හැකර්කරුවන් අනවසරයෙන් ඇතුලු වී ඇති බව වැඩිදුරටත් හෙළිව ඇති අතර මේ පිළිබද විමර්ෂණ කිරීම සඳහා ඇමෙරිකා FBI හා සෙසු බුද්ධි ආයතන සමග කටයුතු කරමින් සිටින බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නීති සම්පාදකයින් වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කරන්නේ තම සේවකයන්ට දුරස්ථ සේවා ලබාදෙන තුන්වන පාර්ශවයක සේවා සපයන්නෙකු හරහා චීන හැකර්කරුවන් තම පද්ධතිවලට ඇතුලු වී ඇති බවයි. බියෝන්ඩ් ට්‍රස්ට් ලෙස එම සේවාව හැදින්වේ.

මෙසේ ඇතුලු වී ඇත්තේ එක්වරක් පමණක් බවත් දිගින් දිගට එසේ සිදුව ඇති බව මෙතෙක් හෙළිව නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version