Site icon Newshub

එළවළු මිල අහස උසට යද්දී සැමන් හිඟයක් ඇවිත් !

මෙරට ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එළවළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

ඒ අනුව බෝංචි , ලීක්ස් තක්කාලි , වට්ටක්කා ඇතුළු එළවළු රැසක මිල ඉතා ඉහළ අගයකින් වැඩිවී ඇති බවත් , ඊට උඩරට එළවළු – පහතරට එළවළු භේදයකින් තොරව මෙකී මිල වැඩිවීම සිදුව ඇති බවත් වෙළෙඳුන් පෙන්වා දෙයි.

මිල අඩු එළවළුවක් ලෙස ගැනෙන වට්ටක්කා පවා කිලෝව රුපියල් 400 මට්ටමට පැමිණ ඇති බවත් ඔවුන් පවසයි.

එසේම අමුමිරිස් කිලෝව ද රුපියල් 1400ක් දක්වා මිල ඉහළ ගොස් ඇති අතර ඊට සාපේක්ෂව අනෙකුත් මිරිස් වර්ග ආශ්‍රිතව ද මිල ඉතා ඉහළ අගයකින් වැඩිවී ඇති බවද වාර්තා වෙයි.

මේ අතර පසුගියදා සැමන් සඳහා පාලන මිලක් නියම කිරීමත් සමඟ වෙළෙඳ පොළ තුළ සැමන් හිඟයක් ද මතුවූ බව වෙළෙන්දන් පවසයි.

පාලන මිලක් දැම්ම වෙනුවට ආනයනය වැඩි කිරීමක් සිදුකළා නම් හිඟය මෙන්ම මිල ඉහළ යාම වලක්වා ගැනීමට තිබූ බවද ඔවූහු පෙන්වා දෙති. එබැවින් පාලන මිල ඉවත් කිරීමට කටයුතු කිරීම වැදගත් බව ඔවුන්ගේ මතය වී තිබේ.

Exit mobile version