Site icon Newshub

මහපොළ ශිෂ්‍යාධාරය රු. 10,000 ක් දක්වා ඉහළට ?

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබදව අවධානය යොමුකර සාකච්ඡා කර ඇති අතර මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීම තම අපේක්ෂාව බවද පෙන්වා දී තිබේ. ඒ සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද සඳහන් වේ.

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මීට පෙර යෝජනා කර තිබූ අතර එහෙත් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන නොතිබුණි.

මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යාධාරය ලෙස මාසිකව රුපියල් 5000 බැගින් ලබා දෙනු ලබන අතර එය ලබන අප්‍රේල් මාසයේදී රුපියල් 7500 දක්වා ඉහළ නැංවීමට නියමිත වේ.

රුපියල් 5,000 බැගින් මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීමට මේ වන විට වාර්ෂිකව රුපියල් කෝටි 300ක් පමණ වැය වන අතර එය රුපියල් 7500 දක්වා ඉහළ නැංවීමේදී අමතර රුපියල් කෝටි 200ක පමණ මුදලක් වෙන් කිරීමට සිදුවේ

Exit mobile version