හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්රාමාත්ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දක්වා තිබේ.
රනිල් වික්රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළකොට ඇති අතර එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟ ද රනිල් වික්රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක්ව තිබේ.
මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපතිවරයා, ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්රාමාත්යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මෙලෙස එක්ව තිබේ.