Site icon Newshub

සියලු බැංකු ගිනුම් වලට 10% බද්ද වදිනවා – මුදල් නියෝජ්‍ය ඇමති පිළිගනියි!

සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු ගිනුම් වෙතින් කපාගන්නා බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඊයේ (26) පිළිගත්තේය.

ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (26දා) උදේ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේ කපාගත්තත් බදු නොගෙවිය යුතු අයට එම මුදල් නැවත ලබාදෙන යාන්ත්‍රණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගත් අතර ඊට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට උපදෙස් දී ඇති බවද පැවසීය.

එසේම රැඳවුම් බද්ද ඉහළ දැමුවේ වැඩි තැම්පත් ඇති පිරිසෙන් වැඩි මුදලක් ගැනීමට බවද ඔහු පැවසීය.

නමුත් මූල්‍ය වෙළඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ pay e tax අඩු කිරීම නිසා හිඟවන රාජ්‍ය බදු ආදායම සියලුම බැංකු ගිනුම් හිමියන් හරහා ලබාගැනීමට වඩා වැඩි දෙයක් මෙහි නොමැති බවයි. ඒ අනුව ඇති හැකි මධ්‍යම පංතියට සහනදීම වෙනුවෙන් නැති බැරි පීඩිතයන් ද 10% ක රැඳවුම් බද්ද හරහා දායක කරගෙන ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

(Frame 59.00sec)

 

Exit mobile version