Site icon Newshub

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ පුරප්පාඩුව ගැන රජය අතීර්ණයක !

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය එළැඹෙන දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිත නමුත් එකී පුරප්පාඩුව පිරවීම සම්බන්ධයෙන් රජය අතීර්ණයක පසුවෙන බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට තවදුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවත්වා ගෙන යනවාද නැතහොත් අහෝසි කරන්නේද යන්න කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී භූමිකාවේ අනාගතය සම්බන්ධයෙන් විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේ එය අඛණ්ඩව පවත්වාගෙන යෑම හෝ අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එසේම ආණ්ඩුවේ ඉහළ පෙළේ හමුවකදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවත් එහිදී ජනාධිපතිවරයා අදාළ තීරණය ගැනීමේ වගකීම ගෙන ඇති බවත් දැනගන්නට තිබේ.

කෙසේ වුවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ධුර කාලය දෙසැම්බර් 31 වනදායින් අවසන් වෙයි. ඔහු ප්‍රථම වරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීම ලබන්නේ 2022 ජුනි 1 වැනි දින වන අතර, 2024 ජුනි 1 වැනි දින එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම වසර අවසානය දක්වා ඔහුට සේවා දිගුවක් ලබාදී තිබිණ.

Exit mobile version