Site icon Newshub

2024 මෙරටට පැමිණි විසිලක්ෂයේ සංචාරකයා

වසර පහකට පසු 2024 වසරේ විසිි ලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට uL-403 ගුවන් යානයෙන් අද (26 )පෙරවරු 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.

2024 වසරේ විසි ලක්ෂ වැනි මෙම සංචාරකයා පිළිගැනීමට නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය රුවන් රණසිංහ මහතා ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

2018 වසරෙන් පසු වසරක් තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ මේ වසර තුළ බව සංචාරක අමාත්‍යංශය පවසයි.

පාස්කු ප්‍රහාරය. කෝවිඩ් වසංගතය. ආර්ථික අර්බුදය. වැනි හේතූන් නිසා සංචාරක කර්මාන්තය කඩාවැටීමකට ලක්ව තිබුණද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පසුගිය රජය ගත් පියවර නිසා සංචාරකයින්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධනයක් සිදුවිය.

සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා පසුගිය රජය ගනු ලැබූ පියවර මෙන්ම වත්මන් රජය බලයට පත්වී ගතවූ කෙටි කාලය තුළ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් නිසා සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් ඇතිකර ගැනීමට හැකි වී තිබේ.

Exit mobile version