Site icon Newshub

බීමත් රියදුරන්ගේ බලපත්‍රය අවුරුද්දක් අත්හිටුවීමට පොලීසියෙන් ඉල්ලීම්

මින් ඉදිරියට මත්පැන් පානය කර රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියැදුරු බලපත්‍රය මාස 12ක කාලයකට අත්හිටුවීමට හෝ අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලිසිය සැලසුම් කර ඇත.

ඉකුත් පැය 24 තුළ ක්‍රියාත්මක කරන ලද රථවාහන විශේෂ මෙහෙයුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් උසස් පොලිස් නිලධාරියෙක් අනාවරණය කර සිටියේ බීමත් සියදුරන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවයි.

අද (26) පෙරවරු 06 න් අවසන් වූ පැය 24ක් තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 391 ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

බීමත්ව රිය පැදවීමෙන් රියදුරන්ට මෙන්ම මගී ජනතාවට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුව තිබෙන බැවින් බීමත්ව සිටින රියදුරන් රිය පැදවීමෙන් වලකී සිටින ලෙස විශේෂ ඉල්ලීමක් කරන බවද එම නිලධාරියා සඳහන් කළේය.

ගතවූ පැය 24 තුළ අපරීක්ෂාකාරීව හා අන්තරා දායක ලෙස රිය වැද වූ රියදුරන් 50 ක් . අධික වේගයෙන් රිය බැදවූ රියදුරන් 120 ක්. මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ රියැදුරන් 1262ක්. බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 682 ක්. සහ වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 5441ක් සම්බන්ධව නීතිමය පියවර ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.

Exit mobile version