Site icon Newshub

මාලිමා මන්ත්‍රීවරු සුනාමියට ගහගෙන ආව පොල්ලෙලි වගේ – හැමෝම පැලවත්ත NPP සමාගමේ සේවකයන් – රෝහණ බණ්ඩාර

ජාතික ජනබලවේගය මේ වන විට බොරුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කර ගැනීමට උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.

ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් සුනාමියට ගහගෙන ආ පොල්ලෙලි වැනි බවත්, ඔවුන් මේ වන විට පැලවත්ත ජාතික ජන බලවේගය සමාගමේ සේවකයන් බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මේ බව සඳහන් කර සිටියේ අද (26) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ” පාර්ලිමේන්තු දවස්වලට මේ මන්ත්‍රීවරුන්ව උදේට පාර්ලිමේන්තු නිල නිවාසවල සිට බස් රථය මඟින් පාර්ලිමේන්තුවට ගෙනවිත් බස්සවනවා. පාර්ලිමේන්තුවේ බෙල් එක ගැහුවට පස්සේ ඇතුලට ඇවිත් වාඩිවෙනවා. ඊළඟ බෙල් එකට ගිහින් දිවා ආහාරය ගන්නවා. ඊට පස්සේ ඇවිත් අවසන් සීනුව නාද වුණාට පස්සේ ආයෙත් අර බස් එකට නැගලා යනවා. ගාමන්ට් ප්‍රවාහනයක් වගේ. බෝඩිමෙන් ගන්නවා බෝඩිමට බස්සනවා. ඒ ඇවිත් පාර්ලිමේන්තුවේ පුටු රත් කර කර ඉන්නවා”   කියාය.

 

 

 

Exit mobile version