Site icon Newshub

20 වසරක් ගතවන සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්

මෙරට සිදුවූ දරුණුතම ස්වභාවික ආපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යසනයට අදට වසර විස්සක් සම්පූර්ණ වී ඇත.

ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ප්‍රබලත්වයෙන් යුතු භූමි කම්පනයත් සමග සිදුවූ මහ සයුර ගොඩගැලීමේ ව්‍යසනයෙන් ජීවිත තිස්පන්දහසක් පමණ අකාලයේ විනාශ වී ගියේ ශෝකාන්තයක් ඉතිරි කරමිණි .

සුනාමි ව්‍යසනය නිසා ශ්‍රී ලංකාවට පමණක් නොව අසල්වැසි ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින සහ බුරුමය වැනි රටවල ටද දරුණු ලෙස හානි සිදුවිය.

මේ මහා ව්‍යසනයෙන් ලොව පුරා 225000කට වැඩි ජීවිත සංඛ්‍යාවක් නිමේෂයකින් විනාශයට පත් විය.

සුනාමි ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින් ඔවුන් වෙත පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන සැමරුම
ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අබියස දී අද (26) පැවැත්විණි

Exit mobile version