Site icon Newshub

කුකුල් මස් කිලෝ 1ක් අල්ලස් ගත් ප්‍රාදේශීය සභා සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කුකුළු මස් කිලෝ එකක් අල්ලස් වශයෙන් ලබාගත් මීරිගම ප්‍රාදේශීය සභාවේ සේවකයින් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීරිගම ප්‍රාදේශීය සභාවේ වේවැල් දෙනිය උප කාර්යාලයේ සේවය කරන වැඩ බලන ආදායම් නිලධාරීවරයෙකු සහ එහි සේවයේ නියුතු කම්කරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 1270 ක් වටිනා කුකුල් මස් කිලෝව මෙලෙස අල්ලස් ලෙස ලබාගෙන ඇත්තේ 2025 වසර සඳහා වන එම වෙළඳ සැලේ වාර්ෂික වෙළද බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය කටයුතු කර දෙන බවට පොරොන්දුු වෙමිනි.

මොවුන් මීට පෙරද අදාල වෙළඳසැල වෙත පැමිණ මේ ආකාරයට කුකුල් මස් ලබාගෙන ඇති බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙතට ලැබුණ පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ ( 24) සවස අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Exit mobile version