දුම්රියේ ගමන් කරන මගීන් දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට මෙම නව කාඩ් පත හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
මෙම කාඩ් පත භාවිත කරන පුද්ගලයින්ට සෑම දුම්රිය ස්ථානයකින්ම ප්‍රවේශ වීමට හැකිවන පරිදි අවස්ථාව සලසා දී තිබෙන අතර ඊට අවශ්‍ය තාක්ෂණික මෙවලම් දුම්රිය ස්ථානවල සවි කරන බව ද එම නිලධාරියා අනාවරණය කළේය.