දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (24) රාත්‍රියේ සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලදී බීමතින් රිය පැදවූ රියැදුරන් 251 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
බීමත් රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පසුගිය කාලය තුළ දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත බ්රිතලයි සර් (breathalyzer) යන්ත්‍ර 150.000 පමණ ලබා දී තිබිණි.
ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට රට පුරා සිදුකළ වැටලීම්වලදී මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.
උත්සව සමයේ රිය අනතුරු වැළැක්වීම සහ ඒවා අවම කිරීම සඳහා රට පුරා මාර්ගවල වාහන පරීක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 7000 ක් පමණ යොදවා තිබිණි. ඒ අනුව රිය පැදවීමේ දී විවිධ වැරදි සිදු කළ පුද්ගලයින් 8491 දෙනෙක් ගත වූ කාලසීමාව තුළ නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.