Site icon Newshub

හාල්, පොල්, ලුනු මත ඇප නැති ආණ්ඩුව කුඩු සලිඳු නිසාත් අවුලක !

ඇප නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර ඇති බව වාර්තා වෙයි.

ඒ ඔහු ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබු නමුත් ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති නිසා ය.

ඒ අනුව අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

එම කරුණු සැලකිල්ලට ගෙන “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

මේ අතර පොලිස් ආරංචිමාර්ග පවසන්නේ “කුඩු සළිඳු” නැමැත්තා ඩුබායි වලට පලාගොස් ඇද්දැයි සැකයක් මතුව ඇතිබවයි.

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍ය ධූරය දරන සමයේ විදේශයේ සිට අත්අඩංගුවට ගනු ලැබූ මොහු වත්මන් පාලනය යටතේ පළායාමට අවස්ථාව ගෙන ඇතිද යන්න කෙරෙහි විමර්ශන අංශ වල අවධානය යොමුව තිබේ ඒ අනුව සහල්, පොල්, ලුනු ඇතුළු මූලික අවශ්‍යතා සපුරාලීමට දුෂ්කරව සිටින වත්මන් පාලනය මේ විෂයෙහිද දුර්වලව ඇතිද යන්න කෙරෙහි අවධානය යොමුව තිබේ .

Exit mobile version