Site icon Newshub

පළාත් පාලන මැතිවරණය සඳහා අලුතෙන් නාමයෝජනා !

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අලුතෙන් නාමයෝජනා කැඳවීමේ පනත් කෙටුම් පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නව පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේද අනුමැතිය ලැබී තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා මහතා පැවසීය.

ජනවාරි මාසයේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින වකවානු සම්බන්ධව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධව ප්‍රකාශයක් කළ හැක්කේ පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය වීමෙන් පසුව බවයි.

Exit mobile version