බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
වාර්තා වන ආකාරයට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත.
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා දින පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය විසින් මෙකී චක්‍රලේඛය නිකුත් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කර ඇත්තේ අදාළ චක්‍රලේඛයට විරෝධතා මතුවූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බවය.