තමන්ට භාර දුන්නේ හිස් වූ භාණ්ඩාගාරයක් හා දන ගැස්වූ රටක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.
“හිස් වෙච්ච භාණ්ඩාගාරයක් ඒ වගේම ධන ගස්සපු බිම වට්ටපු රටක් තමයි ජාතික ජන බලවේගය අපිට විපක්ෂය විසින් බාර දුන්නේ.
අපි මුහුණ දීපු ප්‍රධානම අභියෝගය තමයි අපේ රටේ තිබෙන දැවැන්ත දරිද්‍රතාවයක් විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාව ඉතාම අමාරු තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
ඉදිරි අයවැයේදී අපි මේ පිළිබඳ විශේෂයෙන්ම සලකලා බලලා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඒ වගේම රාජ සේවකයන්ට සුවිශේෂි වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දෙන්නටත් අපි කටයුතු කරනවා.
විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ වසර පහකට අපිට බලය දුන්නට අපි මේ රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා මේ වසර පහෙන් වසර දෙකක තුනක කාලයක් තුළ නැවත අපි මේ රට ලෝකයේ ඉස්සරහ කීර්තිමත් රටක් බවට අපේ රට පත් කර ගැනීමේ කාර්ය මුදුන් පත් කර ගැනීම සිද්ධ කරනවා”
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිස්වූ භාණ්ඩාගාරක් ලැබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට මිස වත්මන් ආණ්ඩුව වෙත නොවන බවයි. 2022 වසරේ ඩොලර් පමණක් නොව රුපියල් ද නැති බංකොලොත් භාණ්ඩාගාරයක් සහ ආර්ථික වර්ධනය සෘණ වූ පසුබිමක් සහිත රටක් හිටපු ජනාධිපතිවරයා ට ලැබුණු නමුත් ඔහු පසුගිය ජනාධිපතිවරණය පරාජයට පත්වන විට විදෙස් සංචිතය ඩොලර් බිලියන 5කට අධික මෙන්ම රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 14.15% ක ආසන්නයට ගෙනවිත් තිබූ බවද ඔවුන් පෙන්වා දෙයි .
එවැනි පසුබිමක හිස්වූ භාණ්ඩාගාරයක් ගැන ඇඟ කිලිපොළා යන සාවද්‍ය කතා පැවසීම ජනතාව දැනුවත්ව නොමඟ යැවීමක් බවත් මේ හරහා සිදුවන්නේ මාලිමාව ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය පළුදු වීම බවත් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරයි.