Site icon Newshub

ඕන වැඩ්ඩෙකුට අවස්ථාව දෙන්න අනුර සූදානම් :උදයංග වීරතුංගට දුන්න අවස්ථාව මෙන්න

රුසියාව ප්‍රමුඛ පැරැණි සෝවියට් දේශයේරටවලින් සංචාරකයන් මෙරටට ගෙන ඒම සඳහා බදු සහන ලබා දෙන ලෙස තමන් විසින් ජනාධිපති අනුර දිසානායකගෙන් සිදුකළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූති කරන බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.

සංචාරකයන් මත්තල ගුවන් දොටුපල හරහා මෙරටට ගෙන ඒමට අවශ්‍ය පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් තමන් විසින් ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීමට අදාළ ලිඛිත අවසරය අමාත්‍යාශයේ ඉහළ නිලධාරියකු වෙතින් ලැබුණු බවද ඔහු පවසයි.

උදයංග වීරතුංග විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් මේ බව සඳහන් කර සිටියි.

තමන් ලද අවස්ථාව ප්‍රයෝජනයට ගෙන දෙසැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන ඒමට කටයුතු කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version