Site icon Newshub

ෆිච් රේටින්ග්ස් : ලංකාව ඔසවා තබයි !

ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ දර්ශක අනුව ලංකාවේ දිගුකාලීන විදේශීය මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමිති ශ්‍රේණිගත කිරීම [Sri Lanka’s Long-Term Foreign-Currency Issuer Default Rating (IDR)] RD සිට ‘CCC+’ දක්වා ඉහත දමා තිබේ.

එසේම ෆිච් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීමද [Local-Currency IDR] CCC- සිට CCC+ දක්වා වැඩි දියුණු කර ඇත.

මූල්‍ය වෙළඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ 2022 දී බංකොලොත්ව මෙවැනි ජාත්‍යන්තර දර්ශක තුළ පහතටම වැටී තිබුණු රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ සාර්ථකත්වය කරා ගෙන ගියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ විසින් බවයි.

එය ෆිච් ආයතනය ද සඳහන් කර ඇති බවත් ඒ අනුව මේ දර්ශක වල ඉහල යාම 2023 වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම පාදක වී ඇති බවද ඔවුන්ගේ මතය වී තිබේ.

වත්මන් ජනාධිපති අනුර දිසානායක ද එම වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව ඉදිරියට ගෙන යමින් තිබෙන බවත්, මෙහිලා වැදගත් වන්නේ වැඩපිළිවෙළ කාගේද යන්න නොව, නිවැරදි මාර්ගයේ රටේ ආර්ථිකය ගමන් කරනවාද ? නැද්ද ? යන්න බවත් ඔවුන් පෙන්වා දෙයි .

Exit mobile version