Site icon Newshub

ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් අලුත් මත්පැන් වර්ගයක් සහන මිලට හඳුන්වා දෙනවා – සුරාබදු කොමසාරිස් ජනරාල්

ප්‍රමිතියෙන් යුතුව රස පරීක්‍ෂණක දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය සහිතව නව මත්පැන් වර්ගයක් 2025 වසරේ මුල් කාර්තුවේදී වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.

ඒ අනුව දැරිය හැකි මිලකට ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙය සුරා බදු ආදායම් වැඩි කිරීමට හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුකරන්නක් නොව මහජනතාවගේ සුබ සුද්දිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නක් බවද ඔහු කියා සිටියේය.

නීති විරෝධී මත්පැන් හේතුවෙන් මෙරට සුරා බදු ආදායම සියයට තිහකින් පමණ ම අහිමිවී ඇති බව පවසන ඒ මහතා නීති විරෝධී මත්පැන් නැති කිරීම සඳහා වැටලීම් කරන අතරතුර විකල්ප වැඩපිළිවෙලක් අවශ්‍ය බවද ඒ මහතා පෙන්වා දෙයි.

Exit mobile version