Site icon Newshub

ඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක් – ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ඩිජිටල් සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසුමට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

තොරතුරු තාක්ෂණයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් ඉන්දියාව ඉ-රාජ්‍ය පාලනය, මුල්‍ය තාක්ෂණ ක්‍රමවේද, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍ර වල අත්කරගෙන ඇති විශේෂඥ දැනුම බහු විධ ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය සඳහා ලබාගැනීමට හැකියාව පවතින හෙයින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට දෙපාර්ශ්වය අතර මූලික එකඟතාවකට පැමිණ තිබේ.

එමඟින්, ඩිජිටල් සංවර්තන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය කිරීමට සහ ඩිජිටල් සංවර්තන විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී දෙරට අතර ආයතනික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, යෝජිත අවබෝතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

Exit mobile version