අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ, එම පාසලේම 17 හැවිරිදි සිසුවියක් බවත් එම වෙඩි තැබීමෙන් ගුරුවරයෙක් සහ සිසුවෙක් මියගොස් ඇති අතර, වෙඩි තැබීම සිදුකළ සිසුවිය ද පසුව සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ වෙඩි තැබීමෙන් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවත් එරට පොලිසිය සඳහන් කරන බව වැඩිදුරටත් වාර්තා වේ.