Site icon Newshub

තවත් මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරති !

ජාතික ලැයිස්තු නාමයෝජනා ලැබූ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුනි.

එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ෆයිසර් මුස්තාෆා මහතා නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා සහ මනෝ ගනේෂන් මහතා ද නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ මන්ත්‍රී ධුරවල දිවුරුම් දුන්නේය.

Exit mobile version