Site icon Newshub

මහජන උපයෝගීතා කොමිසම විදුලි ගාස්තු අඩුකරන්න කියද්දී ලංවිම බෑම කියයි

විදුලිය ගාස්තු සියයට 11ත් 23%ත් අතර ප්‍රමාණයකින් අඩුකළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ස්ථාවරය වී තිබේ.

මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල අඩු කළ හැකි බව ප්‍රකාශ කළ ද විදුලි බල මණ්ඩලය පවසන්නේ කිසිසේත් විදුලි බිල අඩු කළ නොහැකි බවයි.

මේ අනුව විදුලිබිල අඩු කිරීම සම්බන්ධව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර දැඩි මතගැටුමක් ඇතිවී තිබේ.

මේ අතර මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි වහාම විදුලිබිල අඩුකිරීමට රජය පියවර ගත යුතු බව පාරිභෝගික ජනතාව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

පසුගිය කාලය පුරා ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ජලාශ සියල්ලන් පිරී තිබීම සහ අනිකුත් සාධක අනුව විදුලිබිල අඩු කිරීමට හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version