Site icon Newshub

නව කථානායක ආණ්ඩුවෙන් ද විපක්ෂයෙන් ද?

පාර්ලිමේන්තුව අද සහ හෙට 17-18 රැස්වන අතර අද නව කථානායකවරයා පත් කර ගැනීමට නියමිතව ඇත.

කථානායක ධූරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්‍ෂයෙන්ද මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

එලෙස ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් කථානායක ධූරය සඳහා නම් දෙකක් ඉදිරිපත් වුවහොත් ඒ සඳහා ඡන්ද විමසුමකට යෑමට සිදුවනු ඇත.

අද (17)පෙරවරු 9.30 ආරම්භ වන පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට 9.45දක්වා නවක මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම සිදුකරන අතර ඉන් අනතුරුව නව කථානායකවරයා පත්කර ගැනීමට ගැනීම නියමිතය.

ඉන් අනතුරුව වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව උදා වෙනුඇත.

පාසල් දරුවන්ට ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් ලබාදීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව පෙරවරු 11 සිට පස්වරු 03 දක්වා විවාදයට ගෙන එම විවාදය හෙට 18 දිනටද පැවැත්වීමට නියමිතව ඇත.

හෙට සවස 03 සිට පස්වරු 6.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

Exit mobile version