Site icon Newshub

අනිසි බියක් ඇති කර නොගන්න – ගුවන් අභ්‍යාසයක් අද 1.30 සිට 4.30 දක්වා

රත්මලාන කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල, මෙහෙයුම් අවස්ථාවන්හිදී හදිසි අවස්ථාවන්ට මුහුණදීමට පෙර සූදානමක් පැවතීම සහ යෝග්‍යතාව පවත්වාගැනීම යන කරුණු පාදක කොටගෙන ජාත්‍යන්තර නියාමන සහ ප්‍රමිතීන්ට අනුකූලව කාලානුරූපීව පැවැත්විය යුතු පූර්ණ පරිමාණ ගුවන් තොටුපල හදිසි අවස්ථාවන් සඳහා වන අභ්‍යාසයක් අද දින (2024 දෙසැම්බර් 17) ප. ව. 1.30 සිට ප. ව. 4.30 දක්වා කාලය තුළ පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම දැනුම් දෙයි.

එම පුහුණු අභ්‍යාසයේ ස්වාභාවය අනුව, පොදු මහජනතාව සහ මාධ්‍ය එය සැබෑ හදිසි අවස්ථාවක් ලෙස වටහා ගෙන කටයුතු කිරීමේ සහ තොරතුරු වාර්ථා කිරීමේ හැකියාවක් ඇති බැවින්, මෙම අභ්‍යාසය ජාතික සහ ජාත්‍යන්තර නියාමන සහ ප්‍රමිතීන්ට අනුව සිදුකරන සාමාන්‍ය යෝග්‍යතාව පවත්වාගැනීමේ අභ්‍යාසයක් වන බැවින්, ඒ සඳහා කිසිදු ආකාරයක අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම මහජනතාව වෙත දැනුම් දී සිටී.

Exit mobile version