Site icon Newshub

ආනයනික සහල් තොග අතර පරිභෝජනයට නොසුදුසු සහල් හමුවෙයි !

මෙරට වෙළඳ පොළේ තිබෙන සහල් හිඟය පාලනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය මත පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ බහාලුම් 3ක ඇති සහල් තොග පරිභෝජනයට නුසුදුසු සහල් බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය විසින් අදාළ සහල් තොග වල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමේදී මේ බව අනාවරණයවී ඇත.

අදාළ පරීක්ෂා කිරීමේදී ආනයනය කළ බහාලුම් 03ක තිබු සහල් කිලෝග්‍රෑම් 75,000ක් පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගෙන ඇත.

ඒ අතරින් බහාලුම් දෙකක තිබු සහල්වල ගුල්ලන් සිට ඇති අතර අනෙක් බහාලුමේ තිබු සහල් උරවල නිෂ්පාදිත දිනය ඇතුළත් පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා තිබිම හේතුවෙන් එම බහාලුම් සෞඛ්‍ය අංශ මගින් රේගුවෙන් නිදහස් කිරීමට අවසර ලබාදී නොමැත.

රජය ලබාදුන් අවසරය මත පසුගිය දෙසැම්බර් 4 වනදා සිට ඊයේ (13) දහවල් දක්වා පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 2,300ක් රේගුව වෙත ලැබී තිබුණි.
ඒ අතරින් 90%ක් පමණ ඊයේ වනවිටම රේගුවෙන් නිදහස් කර තිබුණි.

Exit mobile version