කථානායක ධූරයෙන් තමා ඉල්ලා අස්වන බව සඳහන් කරමින් අශෝක සපුමල් රන්වල මහතා යොමු කළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (14) පිළිගනු ලැබ ඇත
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් මහතා විසින් අද සවස එම ලිපිය පාර්ලිමේන්තු මහල් ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත යොමු කර ඇත.
ඉතා කෙටි කාලයක් තුළ කථානායක ධූරයේ කටයුතු කළ රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධව පැන නැගුන ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙන් ඔහුට කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.
ආචාර්ය උපාධියට අදාළ සියලු ලිය කියවේලි ඉදිරිපත් කර එය ඔප්පු කිරීමට කාලය මෙය නොවුනත් නුදුරේදීම ඊට අදාල ලියකියවිලි ඉදිරිපත් කරන බව රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ප්‍රකාශ කළේය.