Site icon Newshub

කථානායක ඉල්ලා අස්වීම නිවේදනයක් විතරයි : නියමිත ක්‍රමවේදය තවම නෑ !

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායක අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව නිවේදනය කළාද තවමත් නිවැරදි කාර්‍ය පටිපාටිය සිදුව නොමැති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි .

ඔවුන් පෙන්වා දෙන ආකාරයට කතානායක ඉල්ලා අස්වීම සිදුවිය යුතුව තිබෙන්නේ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කරමින් නොවන බව ඔවුන් පවසයි.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාපටිපාටිය ව්‍යවස්ථාවේ තිබෙන බව පෙන්වා දෙන දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම්‍, ස්වකීය අත්සන යටතේ වූ ලිපියකින් ජනාධිපතිවරයා වෙත දැනුම් දිය යුතු බවයි. එය ජනාධිපතිවරයා විසින් පිළිගන්නේ නම්‍, ඒ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත දැනුම් දිය යුතු බවත් , නව කතානායකවරයකු පත්කර ගැනීමට අදාළ පාර්ලිමේන්තු කාර්‍ය භාරය ක්‍රියාත්මක වන්නේ එතැන් සිට බවද විචාරකයන් පෙන්වා දෙයි .

කෙසේ වුවත් රාජ්‍ය පාලනයේ අත්දැකීම් අඩු වත්මන් ආණ්ඩුව මෙකී සිදුවීම හමුවේ දැඩි ආතතිගත තත්ත්වයක් වෙත මුහුණදී ඇති බවක් නිරීක්ෂණය වන බවත් පසුව කරුණු දැනකියාගත් පසුව නිවැරදි කාර්ය පටිපාටිය ක්‍රියාත්මක වනු ඇති බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.

Exit mobile version