පසුගිය ආණ්ඩුව යටතේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ විමර්ශන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනය, හිටපු අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
මේ වන විට පසුගිය ආණ්ඩුවේ සිටි කැබිනට් අමාත්‍යවරු දාහතර දෙනකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තොරතුරු සටහන් කරගෙන ඇති බවද එම නිලධාරියා අනාවරණය කළේය.
හිටපු ජනාධිපති සහ අගමැති යන දෙදෙනා ඔවුන්ගේ කාර්යාල වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවාගෙන අදාළ ප්‍රශ්න කිරීම් වලට ඉඩ සලසා දීමට කටයුතු සූදානම් කර ඇතැයි එම කාර්යාල වලට සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කරයි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ලංකාවට ගෙන්වීම සම්බන්ධ සිද්ධිය රට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව ඇත. මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීම කෙටි කාලයක් තුළ අවසන් කිරීමට නියමිතව ඇති බව ඉහත නිලධාරියා වැඩි දුරටත් පැවසීය.