Site icon Newshub

චාමර සම්පත්ට තියෙන අවංකකම කතානායකට නෑ – පළපුරුදු හැම මිනිහටම බොරුකාරයෝ කියපු අයට අද මොකද වෙලා තියෙන්නේ?

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත්ට තියෙන අවංක කම කතානායක අශෝක රන්වලට නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

“පළපුරුදු කියන එකේ ඉන්න හැම මිනිහම හොරු කියලනේ කිව්වේ. හැම මිනිහම බොරුකාරයෝ කියලනේ කිව්වේ. හැම මිනිහම අශිෂ්ටයි කියලනේ කිව්වේ. එහෙම කියලනේ මේ බලයට ආවේ ශිෂ්ට සම්පන්න රජයක් ආණ්ඩුවක් හදනවා කියලා. අද කතානායකගේ ප්‍රශ්නෙන් මොකක්ද පෙන්නලා තියෙන්නේ? මොකක්ද කිව්වේ? කතානායකතුමා කිව්වේ ඔහුට ආචාර්ය උපාධියක් තියෙනවා කියලා වසේඩා කියලා විශ්ව විද්‍යාලයක ජපානයේ. දැන් පෙන්නලා තියෙනවා එහෙම උපාධියක් තියා ඔහු කවදාක්වත් ඒකෙ ශිෂ්‍යයෙක්වත් වෙලා ඉඳලා නැහැ කියලා. දැන් කවුද ඔහු එතකොට? ඔහු මේක කියලා නේද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දේ ඉල්ලුවේ? ඊළඟට ඔහු මොරටු විශ්ව විද්‍යාලයේ රසායන ඉංජිනේරු විද්‍යා උපාධිධාරියෙක් කියලා කිව්වා. මම දන්නවා ඔහුව. මම තෙල් සංස්ථාව පාලනය කළා. මම දන්නවා ඔහු කාර්මික නිලධාරියෙක්. ඔහු මේ ආධුනිකත්ව මණ්ඩලයෙන් ආපු කෙනෙක්. ඉතින් මොකක්ද මේ?

නාමල් රාජපක්ෂගේ උපාධියට හිනා වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ, මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධියට හිනා වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ, චාමර සම්පත්ගේ බදුල්ලේ දෙකේ පන්තියට ගියා කියලා හිනා වෙච්ච අය, චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කිව්වා අඩුගානේ මට උගත්කමක් නැහැ. මට ඉංග්‍රීසි බැහැ. මම සාමාන්‍ය වඩේ විකුණපු මිනිහෙක් කියලා කිව්වා. ඒ අවංකකම තියෙනවද මේ රන්වලට? චාමර සම්පත් ඒ ටික කියලා තමයි බදුල්ලෙන් ඡන්දේ ආවේ. මෙයා මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? මේ චාමර සම්පත්ලට බැන්නට චාමර සම්පත්ලා දෙකේ පන්තියට චාමරයා ගියේ කිව්වට චාමර සම්පත් වලටත් වඩා තක්කඩි පහත් පිරිසක් නේද? මතක තියාගන්න, මේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දේ දීපු මිනිස්සු බහුතරයක් නාගරික, උගත් මිනිස්සු ඡන්දේ දුන්නේ ඔය හාල් පොල් ප්‍රශ්න විසඳනවා කියලා හිතලම නෙමෙයි. ශිෂ්ට සම්පන්න රටක් ඇති කරයි. බොරු නොකියයි කියලා. දැනටමත් පරක්කු වැඩියි. රන්වල ක්‍රියාවලියෙන් පෙන්නලා තියෙනවා පරණ තක්කඩිකම් ඒ විදිහටම සිද්ධ වේගෙන යන බව. මොකද හේතුව, මේ අය ඇතිවෙන්න හිනාවෙලා තියෙනවා අනිත් අයගේ දේවල් වලට.

ප්‍රශ්නය: ඔබතුමා ඉන්න කාලේ, ඛනිජ තෙල් සංස්ථා ඔහු සම්බන්ධයෙන් වෙනත් නඩුවක් තියෙනවයි කියලා කිව්වද?

පිළිතුර: නැහැ. මම දන්නෑ. ඔහු ගැන ඔහු වෘත්තීය සමිති නායකයෙක් හැටියට තමයි මම ඔහුව හඳුනන්නේ. නමුත් දැන් ඔහුට කාලයක් දුන්නනේ දැන් සති ගානක් ඔහුගේ ආචාර්ය උපාධිය ඔප්පු කරන්න. මොරටු විශ්ව විද්‍යාලයේ ඔහු උපාධිධාරියෙක්ද නැද්ද කියන එක වෙබ් අඩවියේ බලන්න පුළුවන්නේ. එහෙම වෙබ් අඩවියේ ඔහුගේ නමක් නැහැ. ඉතින් ඒ නිසා මේවා මේ අතේ පැලවෙන ඒවා. ප්‍රශ්නේ මේකයි. අපගේ පරිපාලන රෙගුලාසි අනුව රාජ්‍ය සේවකයා කරනවා. මන්ත්‍රීවරයා රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවකයෙක් තමන්ගේ වැරදි සහතික පෙන්නලා ආවනම් අනුව මේ වෙලාවේ වැඩ තහනම් කරලා එළියට දාලා. ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම පිළිබඳ අපරාධ නඩු පැනෙව්වට පස්සේ කීයද ගාන? අවුරුදු හතයි හිර දඬුවම”

Exit mobile version