Site icon Newshub

බන්ධනාගාර ගතකර සිටි සංවර්ධන නිලධාරීන්ට ඇප ලැබෙයි !

දෙසැම්බර් 2 වනදා පැලවත්ත, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පාසල් සඳහා අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරින් පැවැත් වූ උද්ඝෝෂණයේදි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සිව්දෙනා ඇප මත මුදා හැර තිබේ.

අද (10) එම පිරිස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ ඇප මත මුදාහැර තිබේ .

අදාළ උද්ඝෝෂණය අතරතුරදී පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලැබූ අතර එම සිදුවීමෙන් අනතුරුව එම උද්ඝෝෂකයින් ව අත්අඩංගුවට ගැනුණි.

තමන් ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලමින් පාසල්වල ඉගැන්වීම් සඳහා අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් එම උද්ඝෝෂණය පැවැත්වීය.

Exit mobile version