Site icon Newshub

කථානායකගේ සුදුසුකම් ගැන කථානායකම කියයි – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුවට කතානායකවරයා විසින්ම සාධනීය පැහැදිලි කිරීමක් කරනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා අද ( 10 ) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

කථානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව මේ වන විට මතුව ඇති ප්‍රශ්න සහගත තත්ත්වය සම්බන්ධව රජයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ පව සඳහන් කළේය.

මේ වන විට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් පවා කතානායකවරයාගේ “ආචාර්ය ” යන කොටස ඉවත් කරගෙන තිබෙන බවත් ඒ පිළිබඳව රජයේ ස්ථාවරය රටට කියන ලෙස මෙහිදී මාධ්‍යවේදියා කැබිනට් ප්‍රකාශක නලින් ද ජයතිස්ස මහතාගෙන් ඉල්ලා සිටියේය.

මේ ප්‍රශ්නය ගැන එක් එක් කණ්ඩායම් අදහස් මතු කර තිබෙන බව මා දුටුවා මං සම්බන්ධයෙන් ද එවැනි කතාවක් ඇතිවෙලා තිබෙනවා.

කථානායකතුමා සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නයට එතුමා විසින්ම පැහැදිලි කිරීමක් සිදු කරාවි

ඒ අනුව කථානායකවරයා තම සුදුසුකම් සම්බන්ධව වාර්තා කළ පසු සිදු කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව තීන්දු කරනවා……” යැයි කැබිනට් ප්‍රකාශ කවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

කතානායක නිහඬයි : ගෞරවය රැකගන්න පාර්ලිමේන්තුව ආචාර්ය පට්ටම ගලවයි !

Exit mobile version