Site icon Newshub

චාමර හතර වටේ නෙලයි : සමන්ත බදුල්ලේ සුද්දය අරඹයි !

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (10) අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාව සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ද එක්ව සිටියේය .

එහිදී චාමර සම්පත් මන්ත්‍රීවරයා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඉදිරියේදීම දියතලාව පොලිස් කන්ද ප්‍රදේශයේ ඉඩම් ලබාදීමේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව දේශපාලන ලැයිස්වලට ඒවා ලබාදුන් බවට චෝදනා නැගීය . එසේම රාජ්‍ය නිලධාරී පත්වීම් සම්බන්ධවද විවේචනාත්මක කරුණු රැසක් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කෙරින .

එහිදී බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීන්දු කර සිටියේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු බදුල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් බෙදාදීම වහාම ක්‍රියාත්මක වනපරිදි තාවකාලිකව අත්හිටුවීමටය .

එසේම පසුගිය කාලයේ දික්වැල්ල වත්තේ බංගලාවක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් අවුරුදු 13ක් බලහත්කාරයෙන් පදිංචිව සිටි බවත්, හාලිඇල උනුගොල්ල බංගලාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් අල්ලාගෙන ඇති බවත් පැවසූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඔහුව වහාම ඉවත් කරන ලෙසට උනුගල්ල වත්ත පාලනය කරන වතු සමාගමටද දැනුම්දී සිටියේය .

Exit mobile version