Site icon Newshub

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් සඳහා කැබිනට් අනුමැතිය

දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති බැවින්, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව හඳුනා ගැනීම මත මෙම තීරණය ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙන, දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන් වේ.

ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයකර තිබේ.

Exit mobile version