Site icon Newshub

ඩොලර් මිලියන 250ක් ණය ගන්න අනුර දාපු කැබිනට් පත්‍රිකාව අනුමතයි

ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ඔපෙක් අරමුදලින් ඩොලර් මිලියන 250ක ණය ගැනීම සඳහා ජනාධිපති අනුර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් සංදේශ දෙකක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ .

ඒ අනුව ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධන වැඩසටහන සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලේ සහාය ලබාගැනීම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් සහ බලශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක් ණය ගැනීමට නියමිතය.

මීට අදාළ අමාත්‍ය මණ්ඩල නිවේදන 2 ක පහත දැක්වෙයි .

කෙසේ වුවත් වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ඔහු නියෝජනය කළ ජාතික ජනබලවේගය පසුගිය මැතිවරණ වලදී අවධාරණය කර සිටියේ ජාතික ජනබලවේගය ආණ්ඩුවක් පිහිටවනු ලැබුවහොත් , ඒ හරහා රට ගොඩනැගීම වෙනුවෙන් ආධාර ලබාදීමට විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු ආධාරකාර පාර්ශ්ව රැසක් පොරොන්දුවී සිටින බවය .

ඒ සම්බන්ධව වත්මන් අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති ප්‍රසිද්ධ වේදිකාවේ පැවසු අතර නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය සමාජ මාධ්‍ය ගිනුමේද සටහන් තබා තිබිණ .

නමුත් මේ වෙනවිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අධික බලයක් සහිතව ජාතික ජනබලවේගය ආණ්ඩුවක් පිහිටුවා ඇති නමුත් , එකී ආධාර ලැබෙන බවක් කොහෙත්ම දක්නට නොමැති අතර ඒ වෙනුවට වත්මන් ජනාධිපතිවරයාද දිගින් දිගටම ණය ගනිමින් සිටියි .

Exit mobile version