Site icon Newshub

ලෝක ප්‍රකට ගායන ශිල්පි එල්ටන් ජෝන්ට පෙනීම අහිමි වෙයි

තමාට ඇස් පෙනීම අහිමිව ඇතැයි ලෝක ප්‍රකට ගායක එල්ටන් ජෝන් පවසන බවත්, දරුණු අක්ෂි ආසාදනයකින් මාස කිහිපයකට පසුව තමාට පෙනීම අහිමි වී ඇති බව ඔහු විසින් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගියදා ලන්ඩනයේ පැවති එල්ටන් ජෝන්ගේ නව සංගීත නිර්මාණයක් වන ද ඩෙවිල් වෙයාර්ස් ප්‍රාඩා සංගීත සංදර්ශනයේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු, සිය සහකරු වන ඩේවිඩ් ෆර්නිෂ්ට ද ස්තූතිවන්ත වී ඇති අතර ඔහුගේ ඇස් පෙනීමේ ගැටළු හේතුවෙන් ඔහුට සංදර්ශනය නැරඹීමට නොහැකි වූ බව ඔහු එහිදී පවසා තිබේ. පෙනීම දුර්වල වුවද, තමන් ඇසීමට ප්‍රිය කරන බවද එල්ටන් ජෝන් එහිදී සඳහන් කර ඇත.

77 හැවිරිදි ඔහු, සිය පෙනීමේ ගැටලුව පිළිබඳව ප්‍රථම වරට ප්‍රසිද්ධියේ සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය. ඒ ඔහු, “අවාසනාවකට මම, එක් ඇසක සීමිත පෙනීමක් පමණක් ඉතිරි කර ඇති දරුණු අක්ෂි ආසාදනයක් සමඟ කටයුතු කරමින් සිටියි” යන්නෙන් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමිනි.

මේ තත්ත්වය මත ඔහුගේ මීළඟ ගීත ඇල්බමය ප්‍රමාද කරන බව ද පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Exit mobile version