කතානායක අශෝක රන්වල ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර තිබෙන බවට බරපතළ චෝදනාවක් එල්ලවී තිබේ.
ආචාර්ය උපාධියක් ගන්නාවිට අඩුම තරමින් එක් විද්‍යාත්මක ප්රකාශනයක් වත් පල කෙරෙන බැවින් ඒවා සියල්ල සටහන් වන Google scholar වෙබ් පිටුවෙහිද වත්මන් කතානායකවරයාගේ නම යොදා සොයා බැලුවද එකඳු විද්‍යාත්මක ප්රකාශනයක්වත් පෙන්නුම් කරන්නේ නැත.
මේ බව සඳහන් කරමින් ආචාර්ය කුමාර කළුආරච්චි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර, කතානායක අශෝක රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ ලේකඛාධිකාර වෙත ඉල්ලුම් පත්‍රයක් ද යොමුකර තිබේ.
(ආචාර්ය කුමාර කළුආරච්චි විසින් තොරතුරු ඉල්ලා යොමුකළ ලිපිය පහත දැක්වෙයි.)
පාර්ශ්ව රැසක් සමාජ මාධ්‍ය තුළ ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ජාතික ජනබලවේගය ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් මතවාදී දායකත්වය ලබාදුන් ඇතමුන් චෝදනා සත්‍ය නම් ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස විරෝධය පළකර තිබේ.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඒ සම්බන්ධයෙන් තැබූ සටහනක් පහත දැක්වෙයි.
රන්වල පරීක්ෂාව!!!
==========
ආණ්ඩුව තමන් ජනතාවට දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ උපාධි පිළිබද තත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුය. නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. රන්වල මෙහි දී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් නැති උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සගවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැරීමට හැකි යැයි කල්පනා කිරීමයි. දෙවැනි වරද පළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා අවරණ හා අනෙකුත් ශරීර අවයව සදහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.
……….
එසේම දේශපාලන රැකවරණ ලබා එක්සත් රාජධානියේ වෙසෙන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරිය තැබූ සටහනක් පහත දැක්වෙයි.