Site icon Newshub

8,361ක අපේක්ෂකයින්ගෙන් ආදායම්-වියදම් වාර්තා ලබා දී ඇත්තේ 1,985 දෙනෙක් පමණයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 8,361 දෙනාගෙන් 1,985 දෙනෙකු පමණක් එම වාර්තා ලබාදී ඇති බවයි.

නියමිත කාලසීමාව තුළ එනම් අද මධ්‍යම රාත්‍රියට පෙර අදාළ වාර්තා ලබා නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගන්නා බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතින බවද ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version