Site icon Newshub

දෙසැම්බර් 7ට පෙර බදු ගෙවන්නන්ගේ ආදායම් වාර්තා එවන්න : දේශීය ආදායම දන්වයි!

ආදායම් බදු ගෙවන්නන්ගේ ආදායම් වාර්තා භාර දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා දුන් කාලය දීර්ඝ කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 7ට පෙර තමන්ගේ ආදායම් වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස එම දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් වෙත දැනුම් දෙයි.

දෙසැම්බර් 7 වන දාට පෙර එම වාර්තා භාර දෙන්නේ නම් බදු ගෙවන්නන්ගෙන් දඩ හෝ පොලී අය නොකරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2023 හා 2024 තක්සේරු වසරවලට අදාළ ආදායම් වාර්තා භාර දීමට වූ අවසන් දිනය පසුගිය නොවැම්බර් 30 වන දිනට ‍යෙදී තිබුණු නමුත් ගංවතුර, නායයෑම් හා දරුණු කාලගුණ හේතු මත මාර්ගගත ක්‍රමයට ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ තාක්ෂණික අවශ්‍යතා සපුරාලීමට හා ගණකාධිකාරිවරුන්ට, බදු ගෙවන්නන්ට නොහැකි වූ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Exit mobile version