ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සම්බන්ධව රේණුක පෙරේරා මහතාට චෝදනා එල්ල වී තිබිණි
මෙම චෝදනාව සම්බන්ධව වැඩිදුර විමර්ශනය සඳහා රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.