Site icon Newshub

පුද්ගල ආරක්ෂාවට දෙන ගිනි අවි ගැන රජය තීන්දුවක් අරගෙන

සිවිල් පුද්ගල ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි නිකුත් කිරීමේදී එක් පුද්ගලයකු සඳහා එක් ගිනි අවියක් පමණක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

පුද්ගල ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් වන සමීක්ෂණක් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදුකරන අතර එය අවසන්වීමෙන් පසුව එම තීරණය ක්‍රියාවට නැංවීමට නියමිත බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකරන අතර ඒ සඳහා බුද්ධි අංශ යොදා ගැනීමට නියමිත ය.

එම විශ්ලේෂණයෙන් අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කරන බවද දැනගන්නට ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ආරක්ෂණ විශ්ලේශණයේදී ජීවිත තර්ජනයක් නොමැති නම් ඔහු සතු ගිනිඅවි යළි පවරා ගැනීමට ද පියවර ගන්නා බවයි.

Exit mobile version