Site icon Newshub

සොරාගත් වත්කම් රජයට පවර ගන්න පනත ළඟදීම

සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධව පනත් කෙටුම්පත ඇතුළු නව පනත් කෙටුම්පත් තුනක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇත.

සොරා ගත් වත්කම් අය කර ගැනීමේ පණක් කෙටුම්පත, මුදාගැනීමේ, පුනරුත්ථාපනය සහ බංකොලොත් භාවය පිළිබඳ පනත් කෙටුම්පත, විගණන පනත් සංශෝධන කෙටුම්පත මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නව පනත් කෙටුම්පත් තුන ඉදිරි කාර්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක කර මහතා අද (04 ) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

Exit mobile version