Site icon Newshub

සංගීත සංදර්ශන වලට යන ආණ්ඩුවේ JVP මැති ඇමතිලට පක්ෂ අනුමැතිය අනිවාර්ය වෙයි

ආණ්ඩුවේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මින් ඉදිරියට සංගීත සංදර්ශනවලට සහභාගී වන්නේ නම් හෝ ප්‍රභූන් හා ප්‍රබල ව්‍යාපාරිකයින් හමුවන්නේ නම් ඒ සඳහා පක්ෂයේ අනුමැතිය ලබා ගත යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බව එම පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ආණ්ඩුවේ මහජන නියෝජිතයින් අතර යම් විනයක් ඇතිව ඉදිරියට ගමන් කිරීමේ ප්‍රධාන අරමුණු මුල් කරගෙන මෙම තීරණය ගත් බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

පසුගිය දා ගල්කිස්ස මහ හෝටලේ සංගීත සංදර්ශනයකට අගමැතිනි, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා, අමාත්‍ය විජිත හේරත් ඇතුළු ජාතික ජන බලවේගයේ පිරිසක් සහභාගි වීමෙන් පසුව ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් වූ බව දැනගැනීමට ඇත.

පක්ෂය විසින් ගනු ලැබූ මෙම තීරණය යම් මහජන නියෝජිතයෙක් කඩ කළහොත් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමටද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල මණ්ඩලය තීරණය කළ බවව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම තීරණය ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයින් සඳහාද ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version