Site icon Newshub

මුස්ලිම් කොන්ග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී දිව්රුම් දෙයි

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්. එම් නලීම් මහතා අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. ඒ කථානායක අශෝක රංවල මහතා ඉදිරියේදීය.

පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත්තේය. ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරය සඳහා එස්. එම් නලීම් මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණි.

එස්. එම් නලීම් මහතා මින් පෙර එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

Exit mobile version