Site icon Newshub

සීනි බදු වංචාව ගැන අහන්න හිටපු ඇමැතිබන්දුල CIDයට

සීනි බදු වංචාව සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍යය ආචාර්ය බන්ධුල ගුණවර්ධනමහතාට අද (03) අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු බදු ආදායම අහිමි වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එවකට විෂය භාර ඇමැතිවරයාව සිටි බන්දුල ගුණවර්ධන මහතාගෙන් මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කැඳවන බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

 

Exit mobile version