Site icon Newshub

ඉන්ධන මිල අඩුකළ ආකාරයට අයවැයෙන් ආහාර මිලත් අඩුකරනවා හේවගේ කියද්දී පොල් මිල 200 ට නගියි !

ඉන්ධන අඩුකළ ආකාරයටම ඉදිරි අයවැයේදී ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදුද අඩු කරන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ද පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේ නමුත් පාරිභෝගික ජනතාව මැසිවිලි නගන්නේ මේ වන විට වෙළෙඳපොළේ සහල් මිල ඉහල ගොස් තිබෙනවා පමණක් නොව ජනතාව අතර වැඩි පරිභෝජනයක් ඇති නාඩු හා කැකුළු සහල් වල හිඟයක්ද පවතින බවයි.

එසේම නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පොල් හිඟයක්ද ඇතිවී තිබෙන බවත්, තිබෙන පොල් වල මිලද ගෙඩියක් රුපියල් 200 ක් වැනි මිලක් දක්වා ඉහල ගොස් ඇති බවටත් පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.

Exit mobile version