පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර ඇත.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව මේ වන විට සකස් කරමින් සිටින බව ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මේ සඳහා විපක්ෂයේද සහයෝගය ලැබෙනු ඇති බවට ඇමතිවරයා විශ්වාසය පළ කර සිටියේය.
මන්ත්‍රීවරුන්ගේ වැටුප් අහෝසි කරන බවට ජාතික ජන බලවේගය කිසිවිටක ප්‍රකාශ කර නැති බවත් අහෝසි කරන්නේ විශ්‍රාම වැටුප පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය